Friday, July 2, 2010

අනුරාධපුර රාජධානිය


ශ්‍රි ලංකාවේ ප්‍රථම රාජධානිය වුයේ අනුරාධපුර රාජධානියයි. බොහෝමයක් ස්වාධීන දිසාවන් පිහිටියේ අනුරාධපුර අගනගරය පදනම් කොට ගෙනයි. අනුරාධපුර රජු අත්තනෝමතික පාලන ක්‍රමයක් අනුගමනය කලත් ඔහු අති ශ්‍රේෂ්ඨ පාලකයෙක් ලෙස සැලකුණි. අනුරාධපුර රාජධානියේ ආරම්හක පාලකයා වූ පණ්ඩුකාහය රජු විසින් අනුරාධපුර නගරය සංවර්ධනය කරන ලදී. දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේදී බුදු දහම හඳුවාදිමත් සම ලංකාවේ සමාජීය හා සංස්කෘතික වශයෙන් වෙනස්වීම් සිදුවිය. එම වෙනස්වීම් තවදුරටත් වර්ධනය වූයේ බුදුන් වහන්සේගේ දන්ත ධාතුව ලංකාවට වැඩම කරවීමත් සමඟය. මූලික වශයෙන් අනුරාධපුර යුගයේ සංස්කෘතිය පදනම් වූයේ බුදුදහම මතය. එසේම එම රාජධානියේ නීතිය සහ පාලනය සඳහාද බුදුදහම මඟින් ඉමහත් බලපෑමක් එල්ල විය. රාජධානියේ ආර්ථිකය පදනම් වූයේ කෘෂිකර්මාන්තය මත බැවින් වැව් සහ ඇළ මාර්ග ඉදිකිරීම රජුගේ ප්‍රධාන කාර්‍යයක් විය. බොහෝමයක් රජවරුන් විශාල වැව් සහ ඇළ මාර්ග ඉදි කළ අතර, ඒ අතරින් වැඩිමනක් මතකයේ රැඳෙන්නේ වසභ සහ මහාසේන රජවරුන්ය. මෙම ඉදිකිරීම් නිසා අනුරාධපුර යුගය මුළුල්ලේම රජරට ප්‍රදේශය තුළ විශාල, එමෙන්ම සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය.

අනුරාධපුර යුගයේ අඛණ්ඩව පැවතුණු තර්ජනයක් වූයේ දකුණු ඉන්දීය ආක්‍රමණයන්ය. එලෙස සිදු වූ ආක්‍රමණයන්ගෙන් සතුරන් පරදවා රජධානියේ පාලනය නැවත ලබාගත් දුටුගමුණු, වළගම්භා, ධාතුසේන වැනි පාලකයන් කාගේත් අවධානයට ලක්විය. අනෙකුත් පාලකයන් මතකයේ රැඳුනේ ඔවුන් විසින් සිදු කරන ලද හමුදා ජයග්‍රහණ නිසාය. දකුණු ඉන්දියාවට එරෙහිව ආක්‍රමණයන් දියත් කළ පළවන ගජභාහු, පන්ධ්‍යන් දේවියට පිහිට වීමට තම හමුදාවන් යැවූ දෙවන සේන, එවැනි පාලකයන්ය. රාජධානියේ ආර්ථිකය පදනම් වූයේ කෘෂිකර්මාන්තය මත බැවින් වැව් සහ ඇළ මාර්ග ඉදිකිරීම රජුගේ ප්‍රධාන කාර්‍යයක් විය. බොහෝමයක් රජවරුන් විශාල වැව් සහ ඇළ මාර්ග ඉදි කළ අතර, ඒ අතරින් වැඩිමනක් මතකයේ රැඳෙන්නේ වසභ සහ මහාසේන රජවරුන්ය. මෙම ඉදිකිරීම් නිසා අනුරාධපුර යුගය මුළුල්ලේම රජරට ප්‍රදේශය තුළ විශාල, එමෙන්ම සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය.

අනුරාධපුර රාජධානියේ ප්‍රධානතම ජයග්‍රහණය වූයේ වාරිමාර්ග බිහිවීමයි. ඒ හේතුවෙන් වියළි කලාපයේ කෘෂිකාර්මික අවශ්‍යතාවන් සඳහා ජලය සැපයීම සිදු විය. එසේම මෙම වාරිමාර්ග ඉදිකිරීම් මඟින් එම යුගයේ මිනිසුන් තුළ තිබූ උසස් තාක්ෂණික හා ඉංජිනේරු හැකියාවන් මනාව පිළිඹිබු කරයි. ප්‍රෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වු සිගිරිය අයත් වන්නේද අනුරාධපුර රාජධානියටයි. එකල ඉදි කරන ලද මහා ස්ථුපයන් වූ රුවන්වැලිසෑය, ජේතවණාරාමය මෙන්ම ලෝවාමහාපාය වැනි විශාල ගොඩනැගිලි මඟින් අනුරාධපුර යුගයේ තිබූ ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුව මනාව පෙන්නුම් කරයි.අනුරාධපුර රාජධානිය

ශ්‍රි ලංකාවේ ප්‍රථම රාජධානිය වුයේ අනුරාධපුර රාජධානියයි. බොහෝමයක් ස්වාධීන දිසාවන් පිහිටියේ අනුරාධපුර අගනගරය පදනම් කොට ගෙනයි. අනුරාධපුර රජු අත්තනෝමතික පාලන ක්‍රමයක් අනුගමනය කලත් ඔහු අති ශ්‍රේෂ්ඨ පාලකයෙක් ලෙස සැලකුණි. අනුරාධපුර රාජධානියේ ආරම්හක පාලකයා වූ පණ්ඩුකාහය රජු විසින් අනුරාධපුර නගරය සංවර්ධනය කරන ලදී. දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේදී බුදු දහම හඳුවාදිමත් සමඟ ලංකාවේ සමාජීය හා සංස්කෘතික වශයෙන් වෙනස්වීම් සිදුවිය. එම වෙනස්වීම් තවදුරටත් වර්ධනය වූයේ බුදුන් වහන්සේගේ දන්ත ධාතුව ලංකාවට වැඩම කරවීමත් සමඟය. මූලික වශයෙන් අනුරාධපුර යුගයේ සංස්කෘතිය පදනම් වූයේ බුදුදහම මතය. එසේම එම රාජධානියේ නීතිය සහ පාලනය සඳහාද බුදුදහම මඟින් ඉමහත් බලපෑමක් එල්ල විය. රාජධානියේ ආර්ථිකය පදනම් වූයේ කෘෂිකර්මාන්තය මත බැවින් වැව් සහ ඇළ මාර්ග ඉදිකිරීම රජුගේ ප්‍රධාන කාර්‍යයක් විය. බොහෝමයක් රජවරුන් විශාල වැව් සහ ඇළ මාර්ග ඉදි කළ අතර, ඒ අතරින් වැඩිමනක් මතකයේ රැඳෙන්නේ වසභ සහ මහාසේන රජවරුන්ය. මෙම ඉදිකිරීම් නිසා අනුරාධපුර යුගය මුළුල්ලේම රජරට ප්‍රදේශය තුළ විශාල, එමෙන්ම සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය.


අනුරාධපුර යුගයේ අඛණ්ඩව පැවතුණු තර්ජනයක් වූයේ දකුණු ඉන්දීය ආක්‍රමණයන්ය. එලෙස සිදු වූ ආක්‍රමණයන්ගෙන් සතුරන් පරදවා රජධානියේ පාලනය නැවත ලබාගත් දුටුගමුණු, වළගම්භා, ධාතුසේන වැනි පාලකයන් කාගේත් අවධානයට ලක්විය. අනෙකුත් පාලකයන් මතකයේ රැඳුනේ ඔවුන් විසින් සිදු කරන ලද හමුදා ජයග්‍රහණ නිසාය. දකුණු ඉන්දියාවට එරෙහිව ආක්‍රමණයන් දියත් කළ පළවන ගජභාහු, පන්ධ්‍යන් දේවියට පිහිට වීමට තම හමුදාවන් යැවූ දෙවන සේන, එවැනි පාලකයන්ය. රාජධානියේ ආර්ථිකය පදනම් වූයේ කෘෂිකර්මාන්තය මත බැවින් වැව් සහ ඇළ මාර්ග ඉදිකිරීම රජුගේ ප්‍රධාන කාර්‍යයක් විය. බොහෝමයක් රජවරුන් විශාල වැව් සහ ඇළ මාර්ග ඉදි කළ අතර, ඒ අතරින් වැඩිමනක් මතකයේ රැඳෙන්නේ වසභ සහ මහාසේන රජවරුන්ය. මෙම ඉදිකිරීම් නිසා අනුරාධපුර යුගය මුළුල්ලේම රජරට ප්‍රදේශය තුළ විශාල, එමෙන්ම සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය.

අනුරාධපුර රාජධානියේ ප්‍රධානතම ජයග්‍රහණය වූයේ වාරිමාර්ග බිහිවීමයි. ඒ හේතුවෙන් වියළි කලාපයේ කෘෂිකාර්මික අවශ්‍යතාවන් සඳහා ජලය සැපයීම සිදු විය. එසේම මෙම වාරිමාර්ග ඉදිකිරීම් මඟින් එම යුගයේ මිනිසුන් තුළ තිබූ උසස් තාක්ෂණික හා ඉංජිනේරු හැකියාවන් මනාව පිළිඹිබු කරයි. ප්‍රෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වු සිගිරිය අයත් වන්නේද අනුරාධපුර රාජධානියටයි. එකල ඉදි කරන ලද මහා ස්ථුපයන් වූ රුවන්වැලිසෑය, ජේතවණාරාමය මෙන්ම ලෝවාමහාපාය වැනි විශාල ගොඩනැගිලි මඟින් අනුරාධපුර යුගයේ තිබූ ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුව මනාව පෙන්නුම් කරයි.

අනුරාධපුර නගරය



ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වන පරිදි අනුරාධපුර නගරය ආරම්භ වී ඇත්තේ ක්‍රි.පූ.5 සියවෙසහි වුවත් පුරාවිද්‍යාත්මක තොරතුරු අනුව එහි ඉතිහාසය ක්‍රි.පූ 10 වැනි සියවස තරම් ඈතට දිව යයි. කරන ලද පුරා විද්‍යා කැණීම් වලදී වඩා පූර්ව කාලයන්හි විසූ ජනයා සම්බන්ධ සාක්ෂි ලැබී ඇතත් ක්‍රි.පූ 5 සියවසට එපිට කාලය පිළිබද තොරතුරු අත්ෙත් මද වශෙයනි.

අනුරාධපුරෙය් වැඩිදුර සිදු කරන ලද කැණීම් වලදී මෙම පුරවරෙය් පැවති ප්‍රාග් ඓතිහාසික ජනාවාසයන් පිළිබද තොරතුරු ලැබී ඇත. ක්‍රි.පූ 900 - 600 දක්වා විහිදුණ ප්‍රාග් ඓතිහාසික ලෝහ යුගෙය්දී ලෝහ තාක්ෂණය, කුඹල් කර්මාන්තය, අහ්වයන් භාවිතය, ගවයන් ඇති කිරීම සහ වී වගාවද පැවතුණ බව පෙනී යයි. ක්‍රි.පූ 700-600 අතර කාලයේදී අනුරාධපුරයේ ජනාවාසය හෙක්ටයාර් 50 ඉක්මවා වර්ධනය විය. නගරය ඊසාන දිගින් සහ වයඹ දිගින් පිහිටි ප්‍රධාන වරායයන් අතර උපායමාර්ගිකව වැදගත් වන පරිදි පිහිටියේය. වගා කළ හැකි සරු බිම් එය වටෙකාට පිහිටා තිබුණි. ආක්‍රමණිකයන්ගෙන් නගරය ආරක්ෂා කළ ස්වභාවික පවුරක් වූ ඝන වනාන්තරය නගරය හාත්පස අවුරා විය.
[සංස්කරණය]

අනුරාධපුරය




ෙඒතිහාසික මූලාශ්‍රයන්හි සහන් වන පරිදි අනුරාධපුර නගරය අාරම්භ වී අැත්ෙත් ක්‍රි.පූ.5 සියවෙසහි වුවත් පුරාවිද්‍යාත්මක ෙතාරතුරු අනුව ඒහි ඉතිහාසය ක්‍රි.පූ 10 වැනි සියවස තරම් අෑතට දිව යයි. කරන ලද පුරා විද්‍යා කැණීම් වලදී වඩා පූර්ව කාලයන්හි විසූ ජනයා සම්බන්ධ සාක්ෂ්‍ය ලැබී අැතත් ක්‍රි.පූ 5 සියවසට ඒපිට කාලය පිළිබද ෙතාරතුරු අැත්ෙත් මද වශෙයනි.

අනුරාධපුරෙය් වැඩිදුර සිදු කරන ලද කැණීම් වලදී ෙමම පුරවරෙය් පැවති ප්‍රිග් ෙඒතිහාසික ජනාවාසයන් පිළිබද ෙතාරතුරු ලැබී අැත. ක්‍රි.පූ 900 - 600 දක්වා විහිදුණ ප්‍රාග් ෙඒතිහාසික ෙලා්හ යුගෙය්දී ෙලා්හ තාක්ෂණය, කුඹල් කර්මාන්තය, අහ්වයන් භාවිතය, ගවයන් අැති කිරීම සහ වී වගාවද පැවතුණ බව ෙපනී යයි. ක්‍රි.පූ 700-600 අතර කාලෙය්දී අනුරාධපුරෙය් ජනාවාසය ෙහක්ෙටයාර් 50 ඉක්මවා වර්ධනය විය. නගරය ඊසාන දිගින් සහ වයඹ දිගින් පිහිටි ප්‍රධාන වරායයන් අතර උපායමාර්ගිකව වැදගත් වන පරිදි පිහිටිෙය්ය. වගා කළ හැකි සරු බිම් ඒ් වටෙකාට පිහිටා තිබුණි. අාක්‍රමණිකයන්ෙගන් නගරය අාරක්ෂා කළ ස්වභාවික පවුරක් වූ ඝන වනාන්තරය නගරය හාත්පස අවුරා විය.

ආරම්භය


ආරම්භය

අනුරාධපුරයෙහි සැලැස්ම මහාවංශයෙහි විස්තර කෙරෙන්නනේ මෙසේය.

"He laid out (...) four suburbs as well as the Abhaya-tank, the common cemetery, the place of execution, and the chapel of the Queens of the West, the banyan-tree of Vessavana and the Palmyra-palm of the Demon of Maladies, the ground set apart for the Yonas and the house of the Great Sacrifice; all these he laid out near the west gate." Mahavamsa X, trans. Wilhelm Geiger "A hermitage was made for many ascetics; eastward of that same cemetery the ruler built a house for the nigantha Jotiya.(...) On the further side of Jotiya's house and on this side of the Gamani tank he likewise built a monastery for wandering mendicant monks, and a dwelling for the ajivakas and a residence for the brahmans, and in this place and that he built a lying-in shelter and a hall for those recovering from sickness." Mahavamsa X, trans. Wilhelm Geiger

ක්‍රි.පූ 4 සියවසෙහිදී පණ්ඩුකාභය රජතුමන් විසින් අනුරාධපුරය අගනගරය බවට පත් කරන ලද බවත්, මනා සංවිධිත සැලසුමක් අනුව නගරය සහ එහි උප නගරයන්ද පිහිටුවන ලද බවත් කියැවේ. "අභය වාපි" හෙවත් අභය වැවද එතුමන් විසින් කරවන ලදී. කාලවේල සහ චිත්තරාජ නමැති යක්ෂයන් උදෙසා දෙවොල්ද කරවනු ලැබීය. චේතියා නමැති යක්ෂණිය උදෙසා වෙළඹකගේ ස්වරූපයෙන් වූ පිළිරුවක් රාජ මාළිග පරිශ්‍රයේම ඉදි කරවන ලද අතර මේ සියළු යක්ෂ-දේවතාවන් උදෙසා වාර්ෂිකව පුද පූජා පැවැත්වීමද සිදු විය. නගරයේ සුසාන භූමිය, වදක භූමිය, පශ්චිම රාජිණියගේ දෙවොල, වෙස්සවණ උ‍දෙසා වූ නුග රුක, ව්‍යාධදේව උදෙසා වූ තල් රුක, යෝනයන් සඳහා වාස භූමිය, ආත්ම පූජා මන්දිරය ආදිය පිහිටැවිය යුතු තැන්ද මෙතුමන් විසින් නියම කරන ලදී. වහලුන් නොහොත් චණ්ඩාලයන් විසින් කළ යුතු කාර්යයන් නියම කෙරුණු අතර ඔවුන් උදෙසා ග්‍රාමයක් වෙන් කරන ලදී. නිඝණ්ටයන්, තැන තැන සරන තවුසන්, ආජීවකයන් සහ බ්‍රාහ්මණයන් උදෙසා වාසස්ථාන ගොඩ නඟන ලදී. ග්‍රාම සීමාද නීර්ණය කරනු ලැබීය. අනුරාධපුරය අග නගරය බව‍ට පත් කරමින් ක්‍රි.පූ 4 සියවස තරම් ඈත යුගයකදී පණ්ඩුකාභය රජතුමන් විසින් බිහි කරනු ලැබූ සම්ප්‍රදාය ඉතා වැදගත් වේ.

නගරයට සහ පූජනීය ස්ථානයන්ට කරනු ලැබූ සනීපාරක්ෂක සහ පරිපාලනමය සම්පාදනයන් විසින් පෙන්නුම් කෙරෙනුයේ කාලාන්තරයක් තිසිසේ නගරය කිසියම් මධ්‍යගත සැලැස්මකට අනුව සංවර්ධනය කෙරුණු බවය. පණ්ඩුකාභය රජතුමන්ගේ ඇවෑමෙන් එතුමන්ගේ පුත් මුටසීව රාජපදප්‍රාප්ත විය. හැට වසරක් වූ එතුමන්ගේ රාජ්‍ය පාලන කාලය තුළ අනුරාධපුර නගරය තවදුරටත් අගනුවර වශයෙන් පවත්වා ගත් අතර, බුදු සමය දිවයිනට හඳුන්වා දෙනු ලැබූ මුල් අවදියේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබූ "මහාමේඝවන උද්‍යානය" (හෙවත් මහමෙවුනා උයන) පිහිටුවාලීමද එසමයෙහි සිදුවිය. බුදු රජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් වසර 236 කට පසු ශ්‍රී ලංකාවට බුදු සමය හඳුන්වාදෙන ලද්දේ මුටසීව රජතුමන්ගේ ඇවැමෙන් රාජ්‍යත්වයට පත් එතුමන් පුත් දේවානම්පියතිස්ස රාජ්‍ය සමයෙහිදීය. ඉන්දියාවෙහි වුසූ අශෝක අධිරාජයා දේවානම්පියතිස්ස රජතුමන්ගේ සමකාලීනයෙක් විය. මෙම කාලය ක්‍රි.පූ 250 - 210 අතර කාලයයි. ලංකාවෙහි රාජ්‍යත්වයෙහි ආරම්භය සහ ආසියාවෙහි විශිෂ්ඨතම ආගමක් වූ බුද්ධ ධර්මය මත පදනම් වූ ශිෂ්ඨාචාරයක ආරම්භයද සනිටුහන් කෙරෙන්නේ මෙසමයෙහිය.

හින්දු ආගම සහ අනුරාධපුරය




හින්දු වීර කාව්‍යයක් වූ රාමායණයෙහි එන අසුර රාජ රාවණයන්ගේ අගනගරය අනුරාධපුරයෙහි පිහිටි බව කියැවේ. පුරාවෘතයෙහි එන පරිදි රාමයන්ගේ අනුගාමිකයකු වූ හනුමන් විසින් නගරය දවාහළු කරනු ලැබීය. හින්දූන් අතර ජනප්‍රිය ඇති පුරාවෘතයෙන් කියැවෙන්නේ, අද වුවද අනුරාධපුරයෙහි කුමන ස්ථානයක කැණීමක් කළත් අළු ස්තරයක් දැකිය හැකිවන බවය

බුද්ධාගම සහ අනුරාධපුරය




බුදු දහමේ හඳුන්වා දීමත් සමඟම මෙම නුවර විසල් කැපීපෙනීමක් ලැබුවාක් මෙන්ම මහා ඉඳිකිරීම් යුගයක් ද ඇරඹුනි. මහා වංශය පවසන්නේ කුටකන්‍න තිස්ස රජු විසින් රියන් හතක් උස තාප්පයක් ජල අගලක් ඉදිරියෙන් පවතින පරිදි පලමු තාප්පය ඉදිකළ බවයි. පසුව වසභ රජු විසින් මෙය රියන් 11 සිට රියන් 18 දක්වා උස්කොට තවදුරටත් බලවත් කරන ලදි. එසේම රජු විසින් ශක්තිමත් දොරටු නිවස්න, වාසල් කඩ ඉදි කර ඇති අතර ඒවායෙහි නටබුන් අදද දැකිය හැක. මහා වංශය තව දුරටත් පවසන්නේ ඉදිකිරීම් හිදී නිමිති කියන්නන් සහ වාස්තු විදුවන් ගේ උපදෙස් ලැබූ බවය.

විශ්මිත වාස්තු විද්‍යාත්මක නිර්මාණ



විශ්මිත වාස්තු විද්‍යාත්මක නිර්මාණ
රුවන්වැලි සෑ රදුන්

විසල් විහාර මන්දිර සංකීර්‍ණ සහ පැරණි ලෝකයේ උසම ගොඩනැගිලි මහා ගොඩනැගීම් යුගයක් ඇරඹිය. අදටත් ජේතවනාරාමය දාගැබ ලොව උසම ගඩොලින් තැනූ ගොඩනැගිල්ල වේ. මහා විහාරය සම්මත ථෙරවාදී බුදු දහමේ මධ්‍යස්ථානය වූ අතර එය ක්‍රි.පූ. 249 දී දේවානම් පියතිස්ස රජු විසන් ඉදිකරන ලදි. අභයගිරි විහාරය මහායාන බෞද්ධයන් විසින් පිහිටුවන ලදි. ක්‍රි.පූ. 275-310 රජ කළ මහසෙන් රජු විසින් අභයගිරි විහාරය සහ මහා විහාරය අතර ජේතවනාරාම විහාරය ඉදිකළේය. නගරාසන්නයේ අති විසල් ස්තූප සහිත වූ ප්‍රධාන විහාර ඉදිකෙරුණි. මහා විහාරයට අයත් මහා ස්තූපය, ශ්‍රි මහා බෝධිය, ථූපාරාමය ආදිය නගරයට දකුණින් ඇත. අභයගිරිය උතුරින්ද, පුබ්බාරාමය නැගෙනහිරින්ද, තනොවාන ඊසාන දෙසින්ද ගිණිකොන දෙසින් ජේතවනාරාමයද පිහිටා තිබේ. ශ්‍රී දළදා වහන්සේ අනුරපුරයට ගෙන ආවේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමන් ගේ කාලයෙහිය. දළදා වහන්සේ වැඩසිටි ගොඩනැගිල්ල දම්මචක්ක ලෙස හැදින්වේ. වසරක් පසා පෙරහරින් එය අභයගිරිය වෙත ගෙන ගොස් දළදා ප්‍රදර්ශණයක් පැවැත්විය.

රුවන්වැලිසෑය



ශ්‍රී ලංකාවේ පිහිටි ස්ථූපයක් වන රුවන්වැලි සෑය එහි ඇති වාස්තු විද්‍යාත්මක ගුණාංග සහ ආශ්චර්යමත් බව නිසා ලොව පුරා බෞද්ධ ජනතාව අතර පූජනීය තත්වයට පත්වී ඇති ස්ථූපයකි. මෙම ස්ථූපය සොලොස්මස්ථාන(පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන (අනුරාධපුරයේ පූජනීය ස්ථාන අටකි.)අතරින් එකකි.උසින් අඩි 300ක් (මීටර් 92) සහ අඩි 950ක (මීටර් 292) විෂ්කම්භයකින් යුක්ත වන මෙය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වේ.

ථූපාරාමය



ශ්‍රී ලංකාවට බුද්ධාගම සහ චෛත්‍ය වන්දනාව හඳුන්වා දෙන ලද්දේ මහින්ද හිමියන් විසිනි. මහින්ද හිමියන් කරන ලද ඉල්ලීමක් පරිදි දේවානම් පියතිස්ස රජතුමා ථූපාරාමය චෛත්‍යය ඉදි කළේය. බුදුන් වහන්සේගේ හකු ධාතුව මෙහි නිදන් කර තිබේ. බුද්ධාගම හඳුන්වාදීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඉදි කරන ලද පළමු චෛත්‍ය ථුපාරාමය යයි සළකනු ලැබේ. ශ්‍රී ලංකාවේ වංශ කථාවල සඳහන් වන මුල්ම චෛත්‍ය ද මෙය යයි සළකනු ලැබේ. ස්ථූප සහ ආරාමය යන වචන එක් වීමෙන් ථූපාරාමය යන නම නිර්මාණය වී ඇති මෙම ස්ථානය සංඝයා වහන්සේලා වැඩ සිටි ආරාමයක් විය.

චෛත්‍ය ගොඩනංවා ඇත්තේ වී ගොඩක අකාරයෙනි. මෙම දාගැබ වරින් වර විනාශ කිරීම් වලට ලක් විය. දෙවැනි අග්බෝ රජ සමයේ එය සම්පූර්ණයෙන් ම විනාශ වූ අතර රජතුමා විසින් නැවත ගොඩනංවන ලදී. අපට වර්තමානයේ දක්නට ලැබෙන්නේ ක්‍රි.ව.1862 දී ගොඩනැංවු දා ගැබයි. ගෙවී ගිය ශත වර්ෂ ගණනාවක් මුලුල්ලේ කිහිප වරක් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අදට පෙනෙන්නට තිබෙන චෛත්‍යයේ ගර්භයේ පාදම අඩි 59 (මි 18) විශ්කම්භයකින් යුතුය. උස අඩි 11 අඟල් 4 කි. (මි 3.45) විශ්කම්භය අඩි එකසිය හැට හතර හමාරකි. (මි.50.1) මලුව කලු ගල් අතුරා ඇත. ගල් කණු පේලි 2 ක් දා ගැබ වටා ඇත්තේය. දා ගැබ වටා මුල් කාලයේ වටදාගෙයක් තනා තිබුනේය.

ලෝවාමහාපාය


ලෝවාමහාපාය යනු ක්‍රි. පූ. 1 වන සියවසේදී මහා විහාරයේ ඉදි කරනු ලැබූ උපෝසථාගාරයකි. එහි වහලය ලෝහ උළු වලින් කල නිසා ලෝහ ප්‍රාසදය යනුවෙන්ද හැඳින්විනි. ගල් කනු 1600ක් මෙම ස්ථානයේ ඇති අතර එහි මහල් නමයක් වූ බව වංශ කථා වල සඳහන් වේ. දැනට මැදින් ඇති කුඩා ගොඩනැගිල්ල නවීන එකක් වන නමුදු මහා විහාරයේ පෝය කර්ම සඳහා තවමත් මෙම ස්ථානය පාවිච්චි කරනු ලබයි

මිරිසවැටිය

ක්‍රිස්තු පූර්ව 161 - 137 කාලය තුළ ලංකාවේ රජ කළ දුටුගැමුණු මහ රජතුමා ඉදි කළ ප්‍රථම චෛත්‍යය ලෙස මිරිසවැටිය චෛත්‍යය හැඳින් වේ. සර්වඥ ධාතු සහිත රජතුමාගේ කොන්තය (රජුගේ රාජ්‍ය බලය සංකේතවත් කරන ආයුධය) නිධානයක් වශයෙන් පූජා කොට දහනව කෝටියක් ධනය ද වැය කර ඉදි කර ඇති මෙම චෛත්‍යය ආරම්භයේදී උසින් අඩි හැටක් සහ වට ප්‍රමාණයෙන් අඩි පන්සිය හැටකි. පසු කාලීනව මෙය ලංකාවේ රජ කළ විවිධ රජවරුන් විසින් ප්‍රතිසංස්කරණය කොට, විශාල කර ඇත. මෙම චෛත්‍යය එකල පැවති අග්‍රගණ්‍ය චෛත්‍යයක් ලෙස ඓතිහාසික පුරාවෘත්තවල සඳහන් වේ

ඉසුරුමුණිය


පැරණි ශ්‍රී ලංකාවේ අනුරාධපුර නම් අග නගරයේ රජ කළ දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉසුරුමුණි විහාරය ගොඩ නංවන ලදී. උසස් කුලදරුවන් 500 ක් මහණ කොට ඔවුනට වැඩ වාසය කිරීම පිණිස එය තනවන ලදී. කාශ්‍යප රජු විසින් (473 - 491) මෙම විහාරය පිළිසකර කොට "බෝඋපුල්වන් කසුබ්ගිරි රද්මහවෙහෙර" නමින් නම් කළේය. ඔහුගේ දියණියන් දෙදෙනාගේ නම් සහ ඔහුගේ නම් එක් කොට එම නම නිර්මාණය කර ඇත. ගල් ලෙනකට සම්බන්ධ වූ විහාරයක් එහි තිබෙන අතර, උඩින් ඇත්තේ ගල් පර්වතයකි. එහි කුඩා ස්ථූපයක් තනා ඇත. එම ථූපය ගොඩනගන්නට ඇත්තේ වර්තමානයේ බව පෙනෙන්නට තිබේ. වඩාත් පහළින් විවරයක දෙපැත්තෙන්ම පොකුණක සිට මතුවන ආකාරයක් නිරූපණය වන ඇත් රූප නෙලා ඇත. ගල් පර්වතය මත අශ්වයෙකුගේ රූපයක් නෙලා ඇත. ගල් පුවරුවක නෙලන ලද ඉසුරුමුණි පෙම් යුවල සහිත කැටයම වෙනත් තැනක නෙළා පසුව එම ස්ථානයේ සවි කරන්නට ඇත. විහාරයට නුදුරෙන් මගුල් උයන දක්නට ඇත.

ඉසුරුමුණි පෙම්වතුන්



6 වන සියවසෙහි ගුප්ත කලාවට අයිති කැටයමකි. කාන්තාවක් පුරුෂයාගේ උකුලෙහි වාඩි වී සිටී. ඇය ඇඟිල්ලක් ඔසවා සිටින්නීය. ඇගේ කෝල බව ප්‍රකාශ කරන්නට විය හැක. එහෙත් පුරුෂයා අනවධානයෙන් සිටී. මෙම කැටයමෙහි නිරූපණය වන්නේ දුටුගැමුණුගේ පුත් සාලිය කුමරු සහ ඔහුගේ පෙම්වතිය වූ අශෝකමාලා නම් සැඩොල් තරුණිය යන දෙදෙනා යයි සිතිය හැක. ඇය නිසා තමනට උරුම වන්නට තිබූ රජකම සාලිය විසින් අත් හරින ලදැයි කියැවේ.

සමාධි බුදු පිළිමය




අනුරාධපුර සමාධි බුදු පිළිමය - ශ්‍රී ලංකාව

සමාධි පිළිමය, ශ්‍රී ලංකාවේ අනුරාධපුර පුරාණ නගරයේ ඇති ප්‍රතිමාවකි. එය ප්‍රතිමා කලාවෙහි විශිෂ්ට නිර්මාණයන්ගෙන් එකක් යයි කියනු ලැබේ. එය අඩි 8 ක් උසය කළු ගලෙන් නෙළා ඇත. එහි දැක්වෙන්නේ ධ්‍යාන මුද්‍රාවයි. මෙම භාවනා කිරීමේ ඉරියව්වේදී එරමිනියා ගොතා ගෙන අත්ල උඩු අතට හරවා එකක් මත එකක් සිටින සේ උකුල මත දෑත් තබා බුදුන් වහන්සේ වැඩ හිඳින සේක.