Friday, July 2, 2010

විශ්මිත වාස්තු විද්‍යාත්මක නිර්මාණ



විශ්මිත වාස්තු විද්‍යාත්මක නිර්මාණ
රුවන්වැලි සෑ රදුන්

විසල් විහාර මන්දිර සංකීර්‍ණ සහ පැරණි ලෝකයේ උසම ගොඩනැගිලි මහා ගොඩනැගීම් යුගයක් ඇරඹිය. අදටත් ජේතවනාරාමය දාගැබ ලොව උසම ගඩොලින් තැනූ ගොඩනැගිල්ල වේ. මහා විහාරය සම්මත ථෙරවාදී බුදු දහමේ මධ්‍යස්ථානය වූ අතර එය ක්‍රි.පූ. 249 දී දේවානම් පියතිස්ස රජු විසන් ඉදිකරන ලදි. අභයගිරි විහාරය මහායාන බෞද්ධයන් විසින් පිහිටුවන ලදි. ක්‍රි.පූ. 275-310 රජ කළ මහසෙන් රජු විසින් අභයගිරි විහාරය සහ මහා විහාරය අතර ජේතවනාරාම විහාරය ඉදිකළේය. නගරාසන්නයේ අති විසල් ස්තූප සහිත වූ ප්‍රධාන විහාර ඉදිකෙරුණි. මහා විහාරයට අයත් මහා ස්තූපය, ශ්‍රි මහා බෝධිය, ථූපාරාමය ආදිය නගරයට දකුණින් ඇත. අභයගිරිය උතුරින්ද, පුබ්බාරාමය නැගෙනහිරින්ද, තනොවාන ඊසාන දෙසින්ද ගිණිකොන දෙසින් ජේතවනාරාමයද පිහිටා තිබේ. ශ්‍රී දළදා වහන්සේ අනුරපුරයට ගෙන ආවේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමන් ගේ කාලයෙහිය. දළදා වහන්සේ වැඩසිටි ගොඩනැගිල්ල දම්මචක්ක ලෙස හැදින්වේ. වසරක් පසා පෙරහරින් එය අභයගිරිය වෙත ගෙන ගොස් දළදා ප්‍රදර්ශණයක් පැවැත්විය.

No comments:

Post a Comment