අනුරාධපුර, (Anuradhapura), යනු ශ්‍රි ලංකාවේ පෞරාණික අගනුවරකි. අනුරාධපුරය පදනම් වූ ශ්‍රි ලාංකීය ශිෂ්ඨාචාරය ආසියාවේ සහ මුලු මහත් ලෝකයේම බිහිවූ විශිෂ්ඨතම ශිෂ්ඨාචාරයක් ලෙස සැලකිය හැකිය.
Friday, July 2, 2010
ආරම්භය
ආරම්භය
අනුරාධපුරයෙහි සැලැස්ම මහාවංශයෙහි විස්තර කෙරෙන්නනේ මෙසේය.
"He laid out (...) four suburbs as well as the Abhaya-tank, the common cemetery, the place of execution, and the chapel of the Queens of the West, the banyan-tree of Vessavana and the Palmyra-palm of the Demon of Maladies, the ground set apart for the Yonas and the house of the Great Sacrifice; all these he laid out near the west gate." Mahavamsa X, trans. Wilhelm Geiger "A hermitage was made for many ascetics; eastward of that same cemetery the ruler built a house for the nigantha Jotiya.(...) On the further side of Jotiya's house and on this side of the Gamani tank he likewise built a monastery for wandering mendicant monks, and a dwelling for the ajivakas and a residence for the brahmans, and in this place and that he built a lying-in shelter and a hall for those recovering from sickness." Mahavamsa X, trans. Wilhelm Geiger
ක්‍රි.පූ 4 සියවසෙහිදී පණ්ඩුකාභය රජතුමන් විසින් අනුරාධපුරය අගනගරය බවට පත් කරන ලද බවත්, මනා සංවිධිත සැලසුමක් අනුව නගරය සහ එහි උප නගරයන්ද පිහිටුවන ලද බවත් කියැවේ. "අභය වාපි" හෙවත් අභය වැවද එතුමන් විසින් කරවන ලදී. කාලවේල සහ චිත්තරාජ නමැති යක්ෂයන් උදෙසා දෙවොල්ද කරවනු ලැබීය. චේතියා නමැති යක්ෂණිය උදෙසා වෙළඹකගේ ස්වරූපයෙන් වූ පිළිරුවක් රාජ මාළිග පරිශ්‍රයේම ඉදි කරවන ලද අතර මේ සියළු යක්ෂ-දේවතාවන් උදෙසා වාර්ෂිකව පුද පූජා පැවැත්වීමද සිදු විය. නගරයේ සුසාන භූමිය, වදක භූමිය, පශ්චිම රාජිණියගේ දෙවොල, වෙස්සවණ උදෙසා වූ නුග රුක, ව්‍යාධදේව උදෙසා වූ තල් රුක, යෝනයන් සඳහා වාස භූමිය, ආත්ම පූජා මන්දිරය ආදිය පිහිටැවිය යුතු තැන්ද මෙතුමන් විසින් නියම කරන ලදී. වහලුන් නොහොත් චණ්ඩාලයන් විසින් කළ යුතු කාර්යයන් නියම කෙරුණු අතර ඔවුන් උදෙසා ග්‍රාමයක් වෙන් කරන ලදී. නිඝණ්ටයන්, තැන තැන සරන තවුසන්, ආජීවකයන් සහ බ්‍රාහ්මණයන් උදෙසා වාසස්ථාන ගොඩ නඟන ලදී. ග්‍රාම සීමාද නීර්ණය කරනු ලැබීය. අනුරාධපුරය අග නගරය බවට පත් කරමින් ක්‍රි.පූ 4 සියවස තරම් ඈත යුගයකදී පණ්ඩුකාභය රජතුමන් විසින් බිහි කරනු ලැබූ සම්ප්‍රදාය ඉතා වැදගත් වේ.
නගරයට සහ පූජනීය ස්ථානයන්ට කරනු ලැබූ සනීපාරක්ෂක සහ පරිපාලනමය සම්පාදනයන් විසින් පෙන්නුම් කෙරෙනුයේ කාලාන්තරයක් තිසිසේ නගරය කිසියම් මධ්‍යගත සැලැස්මකට අනුව සංවර්ධනය කෙරුණු බවය. පණ්ඩුකාභය රජතුමන්ගේ ඇවෑමෙන් එතුමන්ගේ පුත් මුටසීව රාජපදප්‍රාප්ත විය. හැට වසරක් වූ එතුමන්ගේ රාජ්‍ය පාලන කාලය තුළ අනුරාධපුර නගරය තවදුරටත් අගනුවර වශයෙන් පවත්වා ගත් අතර, බුදු සමය දිවයිනට හඳුන්වා දෙනු ලැබූ මුල් අවදියේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබූ "මහාමේඝවන උද්‍යානය" (හෙවත් මහමෙවුනා උයන) පිහිටුවාලීමද එසමයෙහි සිදුවිය. බුදු රජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් වසර 236 කට පසු ශ්‍රී ලංකාවට බුදු සමය හඳුන්වාදෙන ලද්දේ මුටසීව රජතුමන්ගේ ඇවැමෙන් රාජ්‍යත්වයට පත් එතුමන් පුත් දේවානම්පියතිස්ස රාජ්‍ය සමයෙහිදීය. ඉන්දියාවෙහි වුසූ අශෝක අධිරාජයා දේවානම්පියතිස්ස රජතුමන්ගේ සමකාලීනයෙක් විය. මෙම කාලය ක්‍රි.පූ 250 - 210 අතර කාලයයි. ලංකාවෙහි රාජ්‍යත්වයෙහි ආරම්භය සහ ආසියාවෙහි විශිෂ්ඨතම ආගමක් වූ බුද්ධ ධර්මය මත පදනම් වූ ශිෂ්ඨාචාරයක ආරම්භයද සනිටුහන් කෙරෙන්නේ මෙසමයෙහිය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment