Friday, July 2, 2010

ථූපාරාමය



ශ්‍රී ලංකාවට බුද්ධාගම සහ චෛත්‍ය වන්දනාව හඳුන්වා දෙන ලද්දේ මහින්ද හිමියන් විසිනි. මහින්ද හිමියන් කරන ලද ඉල්ලීමක් පරිදි දේවානම් පියතිස්ස රජතුමා ථූපාරාමය චෛත්‍යය ඉදි කළේය. බුදුන් වහන්සේගේ හකු ධාතුව මෙහි නිදන් කර තිබේ. බුද්ධාගම හඳුන්වාදීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඉදි කරන ලද පළමු චෛත්‍ය ථුපාරාමය යයි සළකනු ලැබේ. ශ්‍රී ලංකාවේ වංශ කථාවල සඳහන් වන මුල්ම චෛත්‍ය ද මෙය යයි සළකනු ලැබේ. ස්ථූප සහ ආරාමය යන වචන එක් වීමෙන් ථූපාරාමය යන නම නිර්මාණය වී ඇති මෙම ස්ථානය සංඝයා වහන්සේලා වැඩ සිටි ආරාමයක් විය.

චෛත්‍ය ගොඩනංවා ඇත්තේ වී ගොඩක අකාරයෙනි. මෙම දාගැබ වරින් වර විනාශ කිරීම් වලට ලක් විය. දෙවැනි අග්බෝ රජ සමයේ එය සම්පූර්ණයෙන් ම විනාශ වූ අතර රජතුමා විසින් නැවත ගොඩනංවන ලදී. අපට වර්තමානයේ දක්නට ලැබෙන්නේ ක්‍රි.ව.1862 දී ගොඩනැංවු දා ගැබයි. ගෙවී ගිය ශත වර්ෂ ගණනාවක් මුලුල්ලේ කිහිප වරක් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අදට පෙනෙන්නට තිබෙන චෛත්‍යයේ ගර්භයේ පාදම අඩි 59 (මි 18) විශ්කම්භයකින් යුතුය. උස අඩි 11 අඟල් 4 කි. (මි 3.45) විශ්කම්භය අඩි එකසිය හැට හතර හමාරකි. (මි.50.1) මලුව කලු ගල් අතුරා ඇත. ගල් කණු පේලි 2 ක් දා ගැබ වටා ඇත්තේය. දා ගැබ වටා මුල් කාලයේ වටදාගෙයක් තනා තිබුනේය.

No comments:

Post a Comment