Friday, July 2, 2010

අනුරාධපුර රාජධානිය


ශ්‍රි ලංකාවේ ප්‍රථම රාජධානිය වුයේ අනුරාධපුර රාජධානියයි. බොහෝමයක් ස්වාධීන දිසාවන් පිහිටියේ අනුරාධපුර අගනගරය පදනම් කොට ගෙනයි. අනුරාධපුර රජු අත්තනෝමතික පාලන ක්‍රමයක් අනුගමනය කලත් ඔහු අති ශ්‍රේෂ්ඨ පාලකයෙක් ලෙස සැලකුණි. අනුරාධපුර රාජධානියේ ආරම්හක පාලකයා වූ පණ්ඩුකාහය රජු විසින් අනුරාධපුර නගරය සංවර්ධනය කරන ලදී. දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේදී බුදු දහම හඳුවාදිමත් සම ලංකාවේ සමාජීය හා සංස්කෘතික වශයෙන් වෙනස්වීම් සිදුවිය. එම වෙනස්වීම් තවදුරටත් වර්ධනය වූයේ බුදුන් වහන්සේගේ දන්ත ධාතුව ලංකාවට වැඩම කරවීමත් සමඟය. මූලික වශයෙන් අනුරාධපුර යුගයේ සංස්කෘතිය පදනම් වූයේ බුදුදහම මතය. එසේම එම රාජධානියේ නීතිය සහ පාලනය සඳහාද බුදුදහම මඟින් ඉමහත් බලපෑමක් එල්ල විය. රාජධානියේ ආර්ථිකය පදනම් වූයේ කෘෂිකර්මාන්තය මත බැවින් වැව් සහ ඇළ මාර්ග ඉදිකිරීම රජුගේ ප්‍රධාන කාර්‍යයක් විය. බොහෝමයක් රජවරුන් විශාල වැව් සහ ඇළ මාර්ග ඉදි කළ අතර, ඒ අතරින් වැඩිමනක් මතකයේ රැඳෙන්නේ වසභ සහ මහාසේන රජවරුන්ය. මෙම ඉදිකිරීම් නිසා අනුරාධපුර යුගය මුළුල්ලේම රජරට ප්‍රදේශය තුළ විශාල, එමෙන්ම සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය.

අනුරාධපුර යුගයේ අඛණ්ඩව පැවතුණු තර්ජනයක් වූයේ දකුණු ඉන්දීය ආක්‍රමණයන්ය. එලෙස සිදු වූ ආක්‍රමණයන්ගෙන් සතුරන් පරදවා රජධානියේ පාලනය නැවත ලබාගත් දුටුගමුණු, වළගම්භා, ධාතුසේන වැනි පාලකයන් කාගේත් අවධානයට ලක්විය. අනෙකුත් පාලකයන් මතකයේ රැඳුනේ ඔවුන් විසින් සිදු කරන ලද හමුදා ජයග්‍රහණ නිසාය. දකුණු ඉන්දියාවට එරෙහිව ආක්‍රමණයන් දියත් කළ පළවන ගජභාහු, පන්ධ්‍යන් දේවියට පිහිට වීමට තම හමුදාවන් යැවූ දෙවන සේන, එවැනි පාලකයන්ය. රාජධානියේ ආර්ථිකය පදනම් වූයේ කෘෂිකර්මාන්තය මත බැවින් වැව් සහ ඇළ මාර්ග ඉදිකිරීම රජුගේ ප්‍රධාන කාර්‍යයක් විය. බොහෝමයක් රජවරුන් විශාල වැව් සහ ඇළ මාර්ග ඉදි කළ අතර, ඒ අතරින් වැඩිමනක් මතකයේ රැඳෙන්නේ වසභ සහ මහාසේන රජවරුන්ය. මෙම ඉදිකිරීම් නිසා අනුරාධපුර යුගය මුළුල්ලේම රජරට ප්‍රදේශය තුළ විශාල, එමෙන්ම සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය.

අනුරාධපුර රාජධානියේ ප්‍රධානතම ජයග්‍රහණය වූයේ වාරිමාර්ග බිහිවීමයි. ඒ හේතුවෙන් වියළි කලාපයේ කෘෂිකාර්මික අවශ්‍යතාවන් සඳහා ජලය සැපයීම සිදු විය. එසේම මෙම වාරිමාර්ග ඉදිකිරීම් මඟින් එම යුගයේ මිනිසුන් තුළ තිබූ උසස් තාක්ෂණික හා ඉංජිනේරු හැකියාවන් මනාව පිළිඹිබු කරයි. ප්‍රෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වු සිගිරිය අයත් වන්නේද අනුරාධපුර රාජධානියටයි. එකල ඉදි කරන ලද මහා ස්ථුපයන් වූ රුවන්වැලිසෑය, ජේතවණාරාමය මෙන්ම ලෝවාමහාපාය වැනි විශාල ගොඩනැගිලි මඟින් අනුරාධපුර යුගයේ තිබූ ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුව මනාව පෙන්නුම් කරයි.අනුරාධපුර රාජධානිය

ශ්‍රි ලංකාවේ ප්‍රථම රාජධානිය වුයේ අනුරාධපුර රාජධානියයි. බොහෝමයක් ස්වාධීන දිසාවන් පිහිටියේ අනුරාධපුර අගනගරය පදනම් කොට ගෙනයි. අනුරාධපුර රජු අත්තනෝමතික පාලන ක්‍රමයක් අනුගමනය කලත් ඔහු අති ශ්‍රේෂ්ඨ පාලකයෙක් ලෙස සැලකුණි. අනුරාධපුර රාජධානියේ ආරම්හක පාලකයා වූ පණ්ඩුකාහය රජු විසින් අනුරාධපුර නගරය සංවර්ධනය කරන ලදී. දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේදී බුදු දහම හඳුවාදිමත් සමඟ ලංකාවේ සමාජීය හා සංස්කෘතික වශයෙන් වෙනස්වීම් සිදුවිය. එම වෙනස්වීම් තවදුරටත් වර්ධනය වූයේ බුදුන් වහන්සේගේ දන්ත ධාතුව ලංකාවට වැඩම කරවීමත් සමඟය. මූලික වශයෙන් අනුරාධපුර යුගයේ සංස්කෘතිය පදනම් වූයේ බුදුදහම මතය. එසේම එම රාජධානියේ නීතිය සහ පාලනය සඳහාද බුදුදහම මඟින් ඉමහත් බලපෑමක් එල්ල විය. රාජධානියේ ආර්ථිකය පදනම් වූයේ කෘෂිකර්මාන්තය මත බැවින් වැව් සහ ඇළ මාර්ග ඉදිකිරීම රජුගේ ප්‍රධාන කාර්‍යයක් විය. බොහෝමයක් රජවරුන් විශාල වැව් සහ ඇළ මාර්ග ඉදි කළ අතර, ඒ අතරින් වැඩිමනක් මතකයේ රැඳෙන්නේ වසභ සහ මහාසේන රජවරුන්ය. මෙම ඉදිකිරීම් නිසා අනුරාධපුර යුගය මුළුල්ලේම රජරට ප්‍රදේශය තුළ විශාල, එමෙන්ම සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය.


අනුරාධපුර යුගයේ අඛණ්ඩව පැවතුණු තර්ජනයක් වූයේ දකුණු ඉන්දීය ආක්‍රමණයන්ය. එලෙස සිදු වූ ආක්‍රමණයන්ගෙන් සතුරන් පරදවා රජධානියේ පාලනය නැවත ලබාගත් දුටුගමුණු, වළගම්භා, ධාතුසේන වැනි පාලකයන් කාගේත් අවධානයට ලක්විය. අනෙකුත් පාලකයන් මතකයේ රැඳුනේ ඔවුන් විසින් සිදු කරන ලද හමුදා ජයග්‍රහණ නිසාය. දකුණු ඉන්දියාවට එරෙහිව ආක්‍රමණයන් දියත් කළ පළවන ගජභාහු, පන්ධ්‍යන් දේවියට පිහිට වීමට තම හමුදාවන් යැවූ දෙවන සේන, එවැනි පාලකයන්ය. රාජධානියේ ආර්ථිකය පදනම් වූයේ කෘෂිකර්මාන්තය මත බැවින් වැව් සහ ඇළ මාර්ග ඉදිකිරීම රජුගේ ප්‍රධාන කාර්‍යයක් විය. බොහෝමයක් රජවරුන් විශාල වැව් සහ ඇළ මාර්ග ඉදි කළ අතර, ඒ අතරින් වැඩිමනක් මතකයේ රැඳෙන්නේ වසභ සහ මහාසේන රජවරුන්ය. මෙම ඉදිකිරීම් නිසා අනුරාධපුර යුගය මුළුල්ලේම රජරට ප්‍රදේශය තුළ විශාල, එමෙන්ම සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය.

අනුරාධපුර රාජධානියේ ප්‍රධානතම ජයග්‍රහණය වූයේ වාරිමාර්ග බිහිවීමයි. ඒ හේතුවෙන් වියළි කලාපයේ කෘෂිකාර්මික අවශ්‍යතාවන් සඳහා ජලය සැපයීම සිදු විය. එසේම මෙම වාරිමාර්ග ඉදිකිරීම් මඟින් එම යුගයේ මිනිසුන් තුළ තිබූ උසස් තාක්ෂණික හා ඉංජිනේරු හැකියාවන් මනාව පිළිඹිබු කරයි. ප්‍රෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වු සිගිරිය අයත් වන්නේද අනුරාධපුර රාජධානියටයි. එකල ඉදි කරන ලද මහා ස්ථුපයන් වූ රුවන්වැලිසෑය, ජේතවණාරාමය මෙන්ම ලෝවාමහාපාය වැනි විශාල ගොඩනැගිලි මඟින් අනුරාධපුර යුගයේ තිබූ ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුව මනාව පෙන්නුම් කරයි.

No comments:

Post a Comment